බස්වල යන අයට අවුරුද්ද සුබෙන් සුබම කරන්න අද සිට විශේෂ සේවා - දුම්රියත් හෙටින් අරඹයි
අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද (08) සිට ලබන 20 වැනිදා දක්වා විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඒ යටතේ දෛනිකව අතිරේක ගමන් වාර 800 බැගින් යෙදවීමටයි පියවර ගෙන ඇත.
එසේම ඊට අමතරව, අධිවේගී මාර්ග ආශ්‍රීතවද ශ්‍රී ලංගම විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක අතර, එහිදී ගාල්ල සහ මාතර යන ගමනාන්ත වෙත ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බව සඳහන්.
සියලුම ජනතාවට දැනුම්දීමක් - මේ රාජ්‍ය ආයතනවලින් කියලා, අවුරුදු කුමාරි තරගවලින් කියලා පණිවුඩ ආවොත් දැඩිව ප්‍රවේශම් වෙන්න
තවද ඊට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ද හෙට සිට අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
එහිදී දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය ප්‍රකාශ කළේ මගී අවශ්‍යතා අනුව දුම්රිය ධාවනයට සැලසුම් සකස් කර ඇති බවයි.