පුංචි ෆාතිමාට දිවි අහිමි කළ මාරක අනතුර[video]
By Kanchana
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු මාරක අනතුරකින් 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ වගේම හික්කඩුව පොලීසිය සදහන් කළේ කොළඹ දෙසට ගමන් ගත් ත්‍රිරෝද රථය පෞද්ගලික බස් රථයේ ගැටී සිදුවු මෙම අනතුරින් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ, වැව්රුකන්නල, සව්රිද් මාවතේ පදිංචි ෆාතිමා අලීදා නම් පුංචි දියණියකි. ත්‍රිරෝද රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි පොලීසිය ප්‍රකාශ කර තිබේ.
CCTV දර්ශන උපුටා ගන්නා ලදි