ට්‍රම්ප්ගේ සටන් විරාම පොරොන්දු කඩමින් නැවතත් ඉරානයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක්

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද සති දෙකක සටන් විරාමයකට ඉරානය සිය එකඟතාවය පළ කර ඇති පසුබිමක,වුවද ඊශ්‍රායලය අද (08) අලුයම් කාලයේදී ඉරානය වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ දෙපාර්ශවය අතර සාමකාමී විසඳුමකට මාවත විවර වෙමින් පවතින මොහොතක වීම විශේෂත්වයකි.

ට්‍රම්ප්ගේ සටන් විරාමයට ඊශ්‍රායල සහාය

ට්‍රම්ප්ගේ සටන් විරාමයට ඊශ්‍රායල සහාය

ඉරානය සතු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇති අතර, ඉන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

අමෙරිකාව මැදිහත් වී ගෙන ආ සටන් විරාම යෝජනාව නොතකා ඊශ්‍රායලය මෙලෙස ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව යළිත් දැඩි වී තිබේ.

ඉදිරි සති දෙකට ලෝකෙම බලන් හිටපු අවසරය හිමි වෙයි - හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් දුන්න නිල නිවේදනය

ඉදිරි සති දෙකට ලෝකෙම බලන් හිටපු අවසරය හිමි වෙයි - හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් දුන්න නිල නිවේදනය

මෙම සිදුවීමත් සමඟ ඉරානය විසින් මීට පෙර ප්‍රකාශ කළ ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ අවදානම ද යළි ඉහළ ගොස් ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.