මුළු ලංකාවෙම අවධානය ගනිමින් හුරුබුහුටි පුංචි සඳනිත් හෙල සිරිතට මනාලියක් වෙලා යුග දිවියට. (PHOTOS)

By Sithumi Oct 09, 2022 04:22 PM GMT
Sithumi

Sithumi

Report
145 Shares

කලක් අපේ රටේ ටෙලි නාට්‍ය කලාව තුළ වගේම music video කලාව තුළ දී ද නිරන්තරයෙන්ම දක්නට ලැබුණු ඉතාමත් ජනප්‍රිය වගේම ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගැනීමට සමත්වුණු හුරුබුහුටි සුරූපී රංගන ශිල්පිනියක්.මීට වසර ගණනාවක සිටම අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වුනු අතර එම ජනප්‍රියත්වය අද දක්වාම දක්වා ම පවත්වා ගැනීමට තරම් ඇය වාසනාවන්ත වී සිටිනවා.

ඉතින් ඇය පිළිබඳව තියන අලුත්ම උණුසුම් සතුටුදායක පුවත වන්නේ පසුගිය දිනයේ දී ,තනිකඩ ජීවිතයට සමුදී ඇය විවාහ ජීවිතයට එළඹීමයි. ඉතින් ඇය ඒ පිළිබඳව අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි. ඇයගේ ආදරණීය සැමියාගේ නම තමයි thushan wickramasinghe.වෘත්තීමය වශයෙන් අයිටී ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කරනවා

.තනිකඩව සැහැල්ලුවෙන් හිටපු කාලයට වඩා විවාහ වුණාට පසුව දැනෙන ජීවිතය ටිකක් වෙනස් කියලායි අදහස් දක්වා සිටියේ.නමුත් විවාහ වෙලා තවම ටිකක් දවස් නිසා තවම ලොකු වගකීමක් දැනෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ.කොහොම නමුත් හැම දෙයක්ම සමබර විදිහට සිදු කරගෙන යන්නයි ඇයගේ බලාපොරොත්තුව. අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙලා එකපාරටම වෙන ගෙදරක ජීවත් වෙන එක අමුතුම වෙනස් අත්දැකීමක් කියලයි ඇය කියන්නේ.ඒ වගේම ඔහුට සිටින්නේ අක්කා කෙනෙක් සහ අයියා කෙනෙක් වන අතර ගෙදර සිටින අම්මා සහ තාත්තා සමඟ හොදින් කටයුතු කිරීමට ඇයට තිබෙනවාලු.

ඇයට තවමත් කිසිම වෙනසක් වෙලා නැතිලු ඉදිරියට වෙන්නෙත් නැතිවෙයි කියලා ඇයට විශ්වාසයක් තියෙනවාලු. ඔවුන් විවාහ දිවියට පත් වුණේ අවුරුදු හයක් විතර ආදරය කරලාලු.ඇයට ඔහුව මුණ ගැසෙන විට ඔහු විදේශගත වෙලා ලු සිටියේ.ඔහු විදේශගත වෙලා සිටින කාලය තුළ දී සඳනි කියන්නෙ රංගන ශිල්පිනියක් කියන්න වත් ඔහු දන්නේ නැතිලු.” ඉතින් මේ විදිහට තමයි ඇය අදහස් දක්වා සිටියේ.අපි ඔවුන්ගේ විවාහ ජීවිතයට සුභ පැතුම් එක් කර සිටින අතර ඔවුන් දෙපලගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha