23වන උපන්දිනය සැමරූ සුරූපී නිලි සඳනි ආදරණීය පෙම්වතා පියත් එක්ක ගෙවන ජීවිතේ (PHOTOS)
අපේ කළා ක්ෂේත්රයේ ඉන්න කවුරුත් ආදරය කරන නිරූපණ ක්ෂේත්රයට වගේම රංගන ක්ෂේත්රයටත් එක හා සමාන දක්ෂවතාවයක් තියන සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සදනි ප්‍රනාන්දු කියලා කියන්නේ.
ඉතින් බොහෝ දෙනෙක් වශී වෙලා හිටපු සදනිට දැන්නම් පෙම්වතෙක් ඉන්නවා කියන්නත් අපේ රටේ හැමෝම වගේ දන්නවා. ඉතින් කාලයක් පෙම්වතා කවුද කියාලා නොකිවුව සදනීගේ පෙම්වතා තමයි ඔබ කවුරුත් ආදරේ කරන සිරස සුපර්ස්ටාර් 7 වන අදියරේ ජයග්‍රාහකයා වුනු පියත් රාජපක්ෂ.
ඉතින් ඔහුගේ ගීතයකට සම්බන්ධ වෙන්න ගිහින් තමයි සදනිට පියත්ව හම්බවෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ සුරූපී කළා ශිල්පිනිය ඊයේ ඇයගේ 23වන උපන්දිනය සමරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් සඳනි මුලින්ම ටෙලිනාට්‍යක් සඳහා රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුනු හාර කෝටිය කියන ටෙලිනාට්‍ය හරහායි. ඉතින් ඊට පස්සේ අපට ඇයව අග්නි පියාපත් වැනි ටෙලිනාට්‍ය හරහාත් දැකගන්න ලැබුණා.
ඒත් එක්කම ඇයට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක මේ වෙද්දී ගොඩක් කළා නිර්මාණ වලට ආරාධනා ලැබිලා තියනවා. ඉතින් ඒ වගේම මේ වන විට ඇය කළා කටයුතු වලට අමතරව කළමනාකරණ උපාධියක් ද හදාරමින් ඉන්නවා.
ටෙලිනාට්‍ය වලට අමතරව මේ වනවිට ඇයව වෙළඳ දැන්වීම් බොහොමයකත් දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම පුංචි තිරයෙන් සිංහල සිනමාවට අවතීර්ණ වීමේ අවස්ථාව මැයට පසුගිය දා උදා වුණා.
ඒ 1997 ලව් ස්ටෝරි චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න ඇයට ආරධනා ලැබීමත් සමඟයි. ඉතින් ඒ වගේම ඇයගේ ආදරණීය පෙම්වතා පියත් රාජපක්ෂත් ඇයගේ වැඩ වලට ලොකු සහයෝගයක් ලබා දෙනවා කියලා තමයි ඇය කියන්නේ.
කොහොම නමුත් ඊයේ දිනයේදී 23වන උපන්දිනය සමරපු සඳනිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් සඳනිගේ සහ ඇයගේ ආදරණීය පෙම්වතා පියත්ගේ අපූරු ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |