ඡන්ද විමසීමේ දී සනත් නිශාන්තට අන්ත පරාජයක් අත්වෙයි..

Sri Lanka
By Sithumi Jan 19, 2023 11:52 AM GMT
Sithumi

Sithumi

Report

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව තිබූ අතර ඉන් එතුමා පරාජයට පත්වුණා.

ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද විමසීම පෙරේදා (17) පවත්වා ඇති අතර එහිදී ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගැනුණි. 

ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ප්‍රාදේශික 23ක ඇති සියල්ලටම පොදුජන පෙරමුණ තරග වැදී තිබුණි.

ඒ හේතුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි. නමුත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ට එහිදී හිමිවී ඇත්තේ 11වන ස්ථානය යි.

එම ඡන්ද විමසීමට සහභාගී වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සොයුරු ජගත් සමන්ත මහතා ඉන් පස්වැනි ස්ථානයට පත්වී සභිකයකු ලෙස තේරීපත් වී තිබුණි.

මෙහිදි තෝරා පත් කෙරුණු සභිකයින් 9 අතරින් 06ක්ම දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති බවද අප වාර්තාකරු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now