"..මගේ දුවයි පුතයි දන්නවා එයාලගෙ අම්මයි තාත්තයි කවුද කියලා..ඒව කවුරුත් ප්‍රශ්න කරගන්න ඕනෙ නෑ.." ගායන ශිල්පීනී සමිතාගෙන් හදිසියේම සැර කතාවක්..(PHOTOS)
මෙරට ගායන ක්ෂේත්රය තුළ ඉන්න අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමීතා මුදුන්කොටුව කියල කියන්නේ. ඇත්තෙන්ම ඇය පිළිබඳ මේවෙද්දී මෙරට නොදන්න කෙනෙකු නැති තරමට ඇය අපේ රටේ ජනප්‍රියයි.
කොහොම නමුත් ඉතාමත් මිහිරි කටහඩකට හිමිකම් කියන සමීතා මේවෙනකොට සිය රසික ජනයා වෙනුවෙන් ගීත නිර්මාණයන් රැසක් හදුන්වා දී තිබෙනවා කොහොමහරි ඉතින් මෑතකදී ඉදලා ඇගේ ගීත නිර්මාණයන්ට වඩා ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ මෙරට ජනයා කතාබහ කරන්න පටන් අරගෙන තිබෙනවා.
ඇත්තටම මේවෙද්දී සමිතාගේ අලුත් සැමියාට සහ දරුවන් දෙදෙනාට විවිධාකාර විවේචනයන් එල්ල කිරීමට ඇතැම් පිරිස් කටයුතු කර තිබෙනවා. ඒ බව සමාජ මාධ්‍ය ජාලාවන් බාවිතා කරන සියලුදෙනාම වගේ දන්න කරුණක් කොහොම නමුත් සමාජය තුළ විවිධාකාර කට කතාවන් නිර්මාණය වෙන්න පටන් ගත්තත් බොහෝදුරට ඒවාට පිළිතුරු ලබා නොදී සිටීමටයි සමීතා නම් කටයුතු කරන්නේ.
ඒ වගේම උත්තර නොදීම බැරි දේවල් වලට පිළිතුරු ලබා දීමටත් සමීතා යම් අවස්ථාවන්හීදී කටයුතු කර තිබෙනවා. ඒ වගේම කාවින්ද්‍යා කියන්නෙත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල පුවත් මවන චරිතයක් කියල අපි හැමෝම වගේ දන්නවා ඊට පස්සේ සමිතාට ඉන්න පුතා තමයි ෂේන් කියල කියන්නේ.
එයානම් හරිම අහිංසක ළමයෙක්, කාටවත් වචනයක්වත් කියන කෙනෙක් නෙවෙයි. බැයි සමහර පිරිස් ඔහුටත් පහුගිය කාලයේ විවිධාකාර කටකතාවන් නිර්මාණය කර තිබුණා. නමුත් ෂේන් කියන්නේ කාටවත් කතාවක් හදන සෝෂල් මිඩියා වලවත් මඩ නොගහන අහිංසක දරුවෙක්.
ඇත්තෙන්ම ඔහු පාඩුවේ සාමාන්‍ය විදියට ජිවත් වෙන කෙනෙක්. ඉතින් මේ විදිහට සමාජ මාධ්‍ය තුළ සිය පුතු ගැන හුවමාරු වෙන මඩ ප්රචාරයන්ට පිළිතුරු ලබා දීමටත් පහුගිය දවසක සමීතා කටයුතු කර තිබුණා.ඉතින් ඇයනම් කියන්නේ මෙන්න මෙහෙම කතාවකුයි
” මිනිස්සු ටික දෙනෙක් මට කතා හදන එක ගැන ගණන් ගන්නේ නැහැ. හැබැයි මගේ දරුවන්ටත් විවිද දේවල් කියනවා, මේක කොච්චර වැරදි දෙයක්ද. සමහරු මගේ පුතාට දොස් කියලා තිබ්බා, හැබැයි අදටත් මට සතුටුයි මගේ පුතා ගැන. මට හොඳ දරුවෝ දෙන්නෙක් ඉන්නවා, හොඳ ආදරයක් ලැබුනා.
මන් ගැන මගේ දරුවෝ ගැන සැමියා ගැන කාටවත් මුකුත් කියන්න අයිතියක් නැහැ. මොකද අපි ජිවත් වෙන්නේ අපේ උත්සාහයෙන් මිසක් ඔය කතා හදන මිනිස්සුන්ගෙන් නෙවෙයි. එයාලාගේ අම්මා තාත්තා කවුද කියලා පුතා දුව දන්නවා. ඒවා කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ, මගේ ආදරේට සහ දරුවන්ට බොරුවට කතා කියන්න එපා.” කියලයි
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |