වෙලේ සුදාට මොකද වුණේ?. දෙසැම්බර් 20 කරන්න යන දෙය මෙන්න..

By krishani Oct 30, 2024 01:32 PM GMT
Report

වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක විභාගය අවසන් කළ කොළඹ මහාධිකරණය එහි තීන්දුව පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

ඒ දෙසැම්බර් මස 20 වනදා එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අද (30) සඳහන් කළේ ය.

ඔක්තෝම්බර් 30ත් වුණා.. නිල නිවාස අද වෙනකම්ම.. නොදුන් හිටපු අමාත්‍යවරුන් ගැන ගත් තීරණය මෙන්න..

ඔක්තෝම්බර් 30ත් වුණා.. නිල නිවාස අද වෙනකම්ම.. නොදුන් හිටපු අමාත්‍යවරුන් ගැන ගත් තීරණය මෙන්න..


හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි 17කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින්, මේ වනවිට මරණීය දණ්ඩනය නියම ව සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

ඒ අනුව මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ දී විභාග කෙරුණි.

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..


මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස වෙලේ සුදාගේ බිරිඳ හා ඥාති සොහොයුරියක් නම් කර තිබිණ.

කෙසේ වෙතත්, ඒ අනුව දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව නඩු විභාගය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා එහි තීන්දුව දෙසැම්බර් මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේ ය.