නිරෝධායන නීති තඹයකට මායිම් නොකළ පුරපතිගේ ආධාරකරුවන් (VIDEO)

COVID19 ISOLATED MORATUWA SAMAN LAL METHODHISTHA CHURCH
By Sewvandhi May 28, 2021 02:16 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ මොරටුව මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති කොවිඩ් 19 මර්දන එන්නත්කරණ වැඩසටහනට බාධා කළ මොරටුව නගරාධිපති සමන් ලාල් අද උදෑසන පොලිසියට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මොරටුව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

මොරටුව නගරාධිපතිවරයා ඊයේ දිනය තුලදීත් රටේ පවතින නීතිය නොසලකා ඔහුගේ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන අයුරු පැහැදිළිව දක්නට ලැබුනු බවයි ප්‍රදේශවාසීන් පවා චෝදනා කරන්නේ.

එමෙන්ම ඔහු අද අධිකරණයට ගෙනා අවස්ථාවේදීත් ඔහුගේ ආධාරකරුවන් මේවන විට ක්‍රියාත්මක වන දැඩි සංචරණ නීති රීති සීමා තඹයකට හෝ සලකන බවක් දක්නට නොලැබුනේ අධිකරණය ඉදිරිපිට රැස්වී සිටි ආකාරයෙන්.

මොරටුව දිසා අධිකරණය ඉදිරිපිට අවම තරමින් නගරාධිපතිවරයාගේ ආධාරකරුවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සංචරණ සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් හැසිරෙන අයුරු දක්නට ලැබුනා.

මොරටුව පොලිසිය මේ අවස්ථාවේ නිසිලෙස ක්‍රියාත්මක වූයේ නම් මොරටු නගරාධිපතිවරයා සමග තවත් පිරිසක් ඔහුගේ තනියට බන්ධනාගාර ගත කිරීමට හැකියාව ලැබෙනු ඇති. කෙසේවෙතත් එවැනි නීතිය ක්‍රියාත්මක වීමක් මේ අවස්ථාවේ දක්නට නොලැබීම කණගාටුවට කරුණක්.



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now