වැටුප් වැඩි කිරීමකට ජනපති සූදානම් වෙයි...දෙසැම්බර් 31ට පෙර කරන්න යන දේ මෙන්න..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician
By Aruna Dec 09, 2023 12:38 AM GMT
Aruna

Aruna

Report

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වැනි දා ට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙන බව වාර්තා වනවා.

වැටුප් වැඩි කිරීමකට ජනපති සූදානම් වෙයි...දෙසැම්බර් 31ට පෙර කරන්න යන දේ මෙන්න.. | Salary More President Ready

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ, වැවිලි සමාගම් ප්‍රධානීන් සමග ඊයේ (08)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී යි.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබීම විශේෂත්වයක්.

වැටුප් වැඩි කිරීමකට ජනපති සූදානම් වෙයි...දෙසැම්බර් 31ට පෙර කරන්න යන දේ මෙන්න.. | Salary More President Ready

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ, වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි.

එම ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර, වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත්, වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් එහි දී යෝජනා වී තිබෙන බවයි වාර්තා වන්නේ.


Gallery
ReeCha