වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.

Report

විශාල පිරිසක් මෙතෙන් කාලයක් බලාසිටි වැටුප් වැඩි කිරීමකට අදාලව සතුටුදායක ආරංචියක් අද උදෑසනින්ම වාර්තා වනවා.

ඒ තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමයි.

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..


ඒ අනුව, මූලික දෛනික වැටුප රුපියල් 1,350ක් වන අතර, ඵලදායිතාව පදනම් කරගත් අතිරේක රුපියල් 350ක දිරි දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

එමෙන්ම රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

මේෂ, මිථුන සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් ලැබෙන ප්‍රතිඵලය දරුණුයි..

මේෂ, මිථුන සහ ධනු ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් ලැබෙන ප්‍රතිඵලය දරුණුයි..


පඩි පාලක සභාවේ සභාපතිවරයා අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා, එසේ විරුද්ධ වීමට හේතුවන කරුණු පිළිබඳ ප්‍රකාශයක්ද සමඟ එළැඹෙන 28 වනදා මධ්‍යාහ්න 12.00ට පෙර තමා වෙත යොමු කරන ලෙසයි.