රාජ්‍ය සේවකයින් පිරිසකගේ කපපු වැටුප් වලට කුමක් වෙයි ද?. මේ ඒ ගැනයි..

Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 06, 2023 06:36 PM GMT
krishani

krishani

Report

පසුගිය රාජ්‍ය සමයේ කොවිඩ් අරමුදලට බැර කිරීම සඳහා පාසල් ගුරුවරුන්ගේ එකඟතාවයක් නොමැතිව ඔවුන්ගේ වැටුපෙන් අඩු කරනු ලැබූ සියලුම මුදල් යළි ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ ලබන නොවැම්බර් 30 වැනි දිනට පෙරයි.

එලෙස යළි ලබාදීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා (05) වන දා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේ ය.

ඒ අනුව ගුරුවරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව කුමන කරුණක් සඳහා හෝ ඔවුන්ගේ වැටුපෙන් කිසිදු මුදලක් අඩු කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවත් එය නීතිය හමුවේ බලරහිත ක්‍රියාවක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

එම තීරණය කිරීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මොහාන් ගොපල්ලව මහතා එම පොරොන්දුව ලබා දුන්නේ ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ නියෝගයක් මත යැයි පෙන්වා දෙමින් එවකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය විසින් නිකුත්කළ චක්‍රලේඛයක් අනුව එම පළාතේ සේවය කළ සියලුම ගුරුවරුන්ගේ මාසික වැටුපෙන් එක් දිනක මුදල අඩු කිරීම අභියෝගයට ලක්කරමින් ලංකා ගුරු සංගමය, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, මහ ලේකම් ජෝශප් ස්ටැන්ලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම පොරොන්දුව ලබා දුන්නේ ය.

එහිදී නීතිපතිවරයා ලබාදුන් එම පොරොන්දුව අනුව සිය පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විජිත් කේ. මලල්ගොඩ, ජනක් ද සිල්වා හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ලට පැවසීය.

ඒ සඳහා විනිසුරු මඬුල්ල අවසර ලබා දෙන ලදී.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා, අනුරාධා යහම්පත් මහත්මිය හා නීතිපතිවරයා නම් කොට තිබිණ.

කෙසේ වෙතත්, 2020 ජුනි මස නීතිඥ ජගත් නානායක්කාර මහතා මගින් එම පෙත්සම ගොනු කර තිබුණේ ය.

ReeCha