රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..
By krishani
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 13ක මුදලක් අතිරේකව වැය වී තිබෙනවා.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
ඒ, අනුව රුපියල් බිලියන 107ක මුදලක් අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප සඳහා වැය වී තිබෙනවා.
මේ අතර පවුල් ලක්ෂ 27ක් සඳහා සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් සහ මැයි මාස සඳහා ලබාදීමේ වැඩසටහන ලබන 21 වනදා අරඹන කරන බව ඒ මහතා පැවසීය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වඩා මෙම සහනාධාරය හිමිවන බව අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, ඒ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ය.