වැටුප් වැඩි කරන බැහැ... නිවැරදි නොකලොත් වර්ජනය කරනවා... රජයට පුප්පයි
අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි.
එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවය.
“අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක දාන දත්ත ටිකක් නෙමෙයි. කළ හැකි යම්කිසි වැඩපිළිවෙලක්. රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා දීලා තියෙනවා.
ඒක ඇත්තටම හොඳ කාරණයක්. ඒකම පෞද්ගලික අංශයට කරන්න කිව්ව ගමන්ම නිකන් කල්පනා කරන්න රු 21,000ක පඩිය අපේ රු 27,000 දක්වා වැඩි කළ ගමන්ම එතැනම රු 6,000ක වෙනසක් එනවා.
පැය 50 – 60ක් අතර OT කරනවා. එතකොට අපි පැයකට රු 210ක් ගෙවනවා. ඒකට විතරක් අපි රු 10,000ක පමණ ප්‍රමාණයක් අපි ගෙවනවා.
ඒ එක්කම ETF, ETF එතකොට පඩි කිරීමයි ඔක්කෝම එකතු කරාම රු 15,000කින් පමණ වර්ධනය වෙනවා.
ඒක මුලික පඩියෙන් වැඩිවුණාම ව්‍යවසායකයින් ලෙස අපිට ගොඩක් අමාරුයි.” මේ අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කිරීම මඟින් සිදුව ඇත්තේ සිය වැටුප් අඩුවීම බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති රංග මීගොඩ මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය නිවරදි කිරීමට පියවර නොගත හොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදුවන බවය.
