අදත් හවස්වරුවේ වැසි... මේ ප්‍රදේශවල නම් අවධානෙන් ඉන්න.....

Department of Meteorology TN Weather Weather Sinhala news
By Hashini May 04, 2025 11:35 PM GMT
Hashini

Hashini

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දවසේ කාලගුණය පිලිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක් තද වැසි ඇති විය හැක.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ පුත්තලම, ගාල්ල සහ මාතර ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ස්ථානගත කරන ලද තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මධ්‍යම සහ ඌව පළාත්වල සහ අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී සමහර ස්ථානවල මීදුම සහිත තත්ත්වයන් අපේක්ෂා කළ හැකිය. 

ජපාන ආරක්‍ෂක ඇමති මෙරට ආරක්‍ෂක මූලස්ථානයට

ජපාන ආරක්‍ෂක ඇමති මෙරට ආරක්‍ෂක මූලස්ථානයට

ReeCha