හෙට අපේ පුංචි පුතා මෙලොව එලිය දකිනවා-ජනිප්‍රිය නළු සජිත අනුත්තර උතුරා යන සෙනෙහසින් කියූ කතාව (VIDEO)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම නිවේදන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ.
ඉතින් ඒ වගේම ඔහු මේ දිනවල අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආකර්ශනයක් වගේම ආදරයක් දිනාගෙන ඉන්නේ මේ දිනවල පුංචි තිරයේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ චරිතය නිසයි. ඉතින් මේ රටක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියා විවාහ වෙලා ඉන්නේ සුරූපී සුන්දර තරුණියක් වන බුවිනිකා හල්විටිගේ සමඟයි. ඉතින් ඒ වගේම ඇයත් කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරගෙන යනවා.
ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහයෙන් අවුරුදු කිහිපයකට පස්සේ ඔවුන්ගේ දෙවෙනි විවාහ සංවත්සරයත් පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වගේම සජිතගේ ආදරණීය සුන්දර බිරිඳ බුවී පහුගිය දවසක ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිනුමක අපූරු ඡායාරූපයක් පළකරමින් මේ ආදරණීය යුවල කුළුදුලේ දෙමව්පියන් වෙන්න යන බව පවසලා තිබුණා.
ඉතින් සජිත සහ බුවීගේ ආදරණීය සුන්දර කැදැල්ලට කිරිසිනහවත් අරගෙන පුංචි පුතාට එන්න තියෙන්නේ තව එක දවසයි කියලා සජිතගේ ආදරණීය අයියා වන අකිල ධනුද්දර එයාගේ සමාජ මාධ්‍ය ගිණුම් වල සටහනක් එක කරමින් පවසලා තිබුණා. ඉතින් එහිදී ඔහු කියලා තිබුනේ හෙට උදේ වෙනකොට අපේ පුතා ලෝකය දකිනවා. සියලු දෙවියන්ගේ රැකවරණයයි, පිහිටයි, ආරක්ෂාවයි කියලා තමයි අකිල ඔහුගේ මල්ලිගේ සහ බුවිගේ ආදරණීය ඡායාරූපයක් එක්ක සටහනක් එකතු කරලා තිබුනේ. ඉතින් ඒ වගේම පිය පදවියට සුදානම් වෙන සජිතත් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වල මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා.
අපිට ආදරය කරන හැමෝගෙම ආශීර්වාදය ඇතුව අපේ පුංචි පැටියා නිරුපද්‍රිතව එනකන් බලාගෙන ඉන්නවා කියලයි සජිත සටහනක් එක් කරමින් පවසලා තිබුනේ. ඉතින් අපිත් කුළුදුලේ උතුම් මව් පදවියට සැරසෙන බුවිට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හෙට මෙලොව එලිය දකින්න ඉන්න පුංචි පුතාටත් නිරුපද්‍රිතව නිදුක් නිරෝගීව මෙලොවට එන්න කියලත් ප්‍රාර්ථනා කරමු.