බුවි මගේ ජීවිතයට ආව දවසෙ ඉඳන් මගේ නිර්මාණ ජීවිතය වෙනස් වුණා.” සජිත තම බිරිඳ ගැන ආදරයෙන් කියු කතාව (PHOTOS)
සජිත ඇන්තනි කියන්නේ මේ වනවිට කාගෙත් ආදරය දිනාගත් අතිදක්ෂ රංගන ශිල්පියෙක්.ඔහු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහත්මයාගේ බාලම පුත්‍රයායි.මේ දිනවල විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරාගේ චරිතය නිසා සජිත් ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් දිනාගැනීමට සමත් වෙලා තිබෙනවා.
ඉතින් සජිත මේ වනවිට විවාහ වෙලයි ඉන්නේ.ඒ බූවී සමඟයි.ඇය ඉතාමත් සුරුපි තරුණියක්.සජිතත් සමඟ විවාහ වීමත් සමඟ ඇයටත් රසික ආදරය නොඅඩුව හිමි වෙලා තිබෙනවා. ඉතින් සජිතගෙ ජීවිතය තුළ රංගනයට බුවිගෙන් ලැබෙන සහයෝගය ගැන මේ විදිහට පවසා තිබුනා. ”මම හිතන්නේ බුවි කියන්නේ සංසාරෙන් සංසාරයට මම පතාගෙන ආපු මගෙම ආදරයක්.
සමහර වෙලාවට මටත් වඩා හොඳට මාව තේරුම් ගන්නේ ඇය. අනිත් කාරණය තමයි බුවි මගේ ජීවිතයට ආව දවසෙ ඉඳන් මගේ නිර්මාණ ජීවිතය වෙනස් වුණා. මොකද රංගනය තුළ මම ලොකු ප්‍රගතියක් ඇය හමු වීමෙන් පසුව දැක්කා. සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම සාර්ථක ගැහැනියක් ඉන්නවා කියන්නේ බොරුවට නෙවෙයි. ඇත්තටම මගේ සාර්ථකත්වය පිටුපස ඇය ඉන්නවා.
මට ලැබුන නිධානයක් තමයි බුවී” ඒ වගේම සරාට ලැබෙන ආදරය ගැනත් මේ විදිහට පැවසුවා. “සරා කියන චරිතට අද ගොඩක් දෙනා ආදරේ කරනවා. කාලයේදී සරාට පොලුවලින් පහර දෙන දර්ශනයක් තිබුණා. ඒ දර්ශනය බලලා ගොඩක් පොඩි අය බයවෙලා කලබලයට පත් වෙලා තිබුණා. ගොඩක් මවුපියන් මට පෞද්ගලිකව කථා කළා.
දරුවන්ගේ හිත් හදන්න පොඩ්ඩක් එයාලා එක්ක කතා කරන්න කිව්වා. අනික තව කෙනෙක් හිටියා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලිවලින් ගත්ත ත්‍රීවිල් එකේ සරාගේ චරිතය ගහන්න පෙළඹුනා. සරාගේ චරිතයට දවසින් දවස ආදරේ එකතු වෙනවා මිසක් ආදරේ අඩුවක් වෙලා නැහැ. සරා කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු චරිතයක්.”



