විපක්ෂ නායකවරයා ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි
ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of World Affairs-ICWA) ප්‍රධාන දේශනයක් සිදුකර තිබේ.
ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවේ ඓතිහාසික හා පරිණාමය වෙමින් පවතින තත්වය අගය කරමින් එය “beacon of strategic autonomy and South–South cooperation.” ලෙසින් එහි දී විපක්ෂ නායකවරයා විසින් හදුන්වා දී තිබේ.
තවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු ශිෂ්ටාචාරමය සහ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා නැවත වරක් තහවුරු කරන්නට සමත්ව ඇත..
ඉන්දියානු සාගරය සාමයේ සහ සහයෝගීතාවයේ කලාපයක් ලෙස ආරක්ෂා කිරීමේ හවුල් වගකීම ද මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හදුන්වා දී තිබේ.
ඒ වගේම විපක්ෂනායක වරයා ශිෂ්ටාචාරමය හා තාක්ෂණික බලවතෙකු ලෙස ඉන්දියාවේ මතුවීම ඉස්මතු කර ඇත.
තවද ප්‍රශංසාත්මකව ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය, නිෂ්පාදනය සහ විශ්වාසදායක ගෝලීය හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සදහන් කර ඇත.
විශේෂයෙන් විදුලි වාහන සහ සැපයුම් ක්ෂේත්‍රයන්හි ඉන්දියාවේ කාර්මික හා තාක්ෂණය සමඟ එක්කාසුවන්නට ශ්‍රී ලංකාව දක්වන කැමැත්ත පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.
තවද විපක්ෂ නායකවරයා සාධාරණ හා සමබර ගෝලීය පිළිවෙලක් හැඩගැස්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර ආසනයක් ලබා ගැනීමට ඉන්දියාවට ඇති හැකියාව පිළිබඳව විශ්වාසය ද පළ කර ඇත.