මෙරටට ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතියක් හඳුන්වා දීම අද
ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය හඳුන්වාදීම අද (06) සිදු කිරීමට නියමිතව තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
මෙරට ආර්ථික හා කාර්මික කටයුතු සම්බන්ධව සියලු තොරතුරු එකට ගෙන කළමනාකරණය කිරීම සඳහා නවතම ඩිජිටල් වේදිකාවක් ලෙස මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය හඳුන්වා දෙයි.
ඒ වගේම මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය කර්මාන්ත තොරතුරු සඳහා කේන්ද්‍රීය දත්ත ගබඩාවක් ලෙස ක්‍රියා කරනු ලබයි.
තවද කර්මාන්තකරුවන් හට තමන්ටම පරිශීලක ගිණුමක් සෑදීමෙන් හෝ බලයලත් රාජ්‍ය නිලධාරීන් හරහා තොරතුරු ඉදිරිපත් කිරීමෙන් මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතී .