නව අගමැති සජිත්..? ඔක්කොම අත ඇරලා තනියම සජිත් ගහන්න හදන අමුතුම ප්ලෑන..

Ranil Wickremesinghe Sajith Premadasa Prime minister Samagi Jana Balawegaya Latest Headlines
By Sewvandhi Sep 24, 2024 09:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමන් බවත් ඊට අදාළ යෝජනාව පක්ෂ රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ බවත්ය.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහු අතර කිසිදු සහයෝගීතාවයක් නොමැති බවත් එතුමා සඳහන් කරනවා.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ලයිස්තුව හරහා මන්ත්‍රී ධුරයක් ලබා නොගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

අද (24) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මහ මැතිවරණයට එක්ව තරග කරන ලෙස සමගි ජන සන්ධානයට ආරාධනා කරන බවය.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%