කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් කොළඹට ආවේ ඇයි?

Sri Lanka South Korea Ship
By Zara Apr 22, 2025 06:10 PM GMT
Zara

Zara

Report

කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් වන ‘Kang_Gam_Chan’නෞකාව නිල සංචාරයක නිරත වෙමින් අද (22) කොළඹ වරායට සේන්දු විය.

අද උදෑසන එම නෞකාවේ පැවති මෙම උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියන් ලී මහත්මිය ද සහභාගී විය.

නියෝජ්‍ය අමාත්‍යවරයා නෞකාවේ කපිතාන්වරයා සහ කොරියානු තානාපතිවරිය සමඟ නෞකාව නැරඹීමට එක් වූ අතර, අනතුරුව පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම නෞකා සංචාරය දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන බවත්, එය නාවික සහයෝගීතාවයේ ශක්තිය පමණක් නොව සමුද්‍රීය ආරක්‍ෂාව සහ කලාපීය ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු දැක්ම ද පිළිබිඹු කරන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සඳහා කොරියාවේ දායකත්වය ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ භාෂා ප්‍රවීණතාවයන් වැඩිදියුණු කිරීම සඳහා කොරියානු ජනරජය විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඔහු මෙම අවස්ථාවේ අගය කළේය.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන දිගුකාලීන සබඳතා අගය කරන බවත්, සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, කොරියානු තානාපතිනිය පැවසීය.

මාතර බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය - අහසට වෙඩි තබයි

මාතර බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය - අහසට වෙඩි තබයි

ලක්ෂ 980ක් හා ජනපති අනුර - කොට්ටහච්චි මන්ත්‍රිනිගේ හෙළිදරව්වක්

ලක්ෂ 980ක් හා ජනපති අනුර - කොට්ටහච්චි මන්ත්‍රිනිගේ හෙළිදරව්වක්

ReeCha