මෙහි සුළු ජාතීන් නැත, විවිධ ජනවර්ග ඇත, රට ගොඩගැනීමට සියලු දෙනාම එකතු විය යුතුයි” - සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායම් අතර පසුගිය කාලයේ ඇති වූ ඇතැම් සිද්ධීන් විශාල වශයෙන් එදිරිවාදිකම් ඇති කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වැන්ද කොත්තු වැනි සිදුවීම්, කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට පැතිර යන කටකතා, වෛද්‍ය ෂාෆි ආදීන් රටේ ඒකීයභාවයට මෙන්ම ආරක්‍ෂාවට ද විශාල වශයෙන් බලපා ඇති බව ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) බලය ලබා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස වාර්ගික කණ්ඩායම් අතර සතුරුකම් ඇති කිරීමට ක්‍රියා කළ ආකාරය විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය. පසුගිය කාලයේ අවස්ථාවාදී සහ ජාතිවාදී දේශපාලකයන් රට අගාධයකට ඇද දැමූ බව ප්‍රකාශ කරන අතරම ජාතිවාදයට, මූලධර්මවාදයට සහ අන්තවාදයට තමන් දැඩි ලෙස විරුද්ධ බව ඔහු අවධාරණය කළේය.
මේ රටේ සියලුම පුරවැසියන් ශ්‍රී ලාංකිකයන් බවත් තමන් හෝ සමගි ජන බලවේගය කිසිවිටකත් ජාතීන් අනුව මිනිසුන් බෙදන්නේ හෝ වෙනස් කොට සැලකීමක් නොකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සියලුම පුරවැසියන්ට සාමකාමීව ජීවත්වීමේ නිදහස ලැබී ඇති බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට තවදුරටත් සංශෝධන සිදු නොකිරීමේ වැදගත්කම විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය. (විපක්‍ෂ නායක කාර්යාලය)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)