අය වැය ගැන සජිත් කළ ප්‍රකාශය...

By Sithumi Aug 30, 2022 12:00 PM GMT
Sithumi

Sithumi

Report

අතුරු අයවැය පිළිබඳ සෑහීමකට පත් වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ජනපති අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටදී මාධ්‍යට ප්‍රකාශයක් කරමින්. 

ශ්‍රී ලංකාවේ අසරණ භාවයට පත්ව සිටින පවුල් පිළිබඳ යුනිසෙෆ් සංවිධාන සංඛ්‍යා ලේඛන සහ අයවැය සංඛ්‍යා ලේඛන අතර පරස්පරතාවක් තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.   අයවැය පිළිබඳ අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා:-සරණ භාවයට පත්වුණු ජනතාවගේ ගණන අයවැය කතාවේදී හෙළිදරව් කළා.

අපිට නම් ඒ පිළිබදව එකඟ වෙන්න බැහැ. මොකද යුනිසෙෆ් වාර්ථාව කියෙව්වොත් ඒ වාර්ථාවේ සඳහන් වෙලා තිබෙනවා මව්වරුන්, දරුවන් දැරියන් කොපමණ අනාරක්ෂිත භාවට පත්වෙලා තිබෙනවාද කියලා.

ඒ සංඛ්‍යාලේඛන පහත දමලා පවුල් 61,000ක් ව්‍යසනයට පත්වෙලා ඉන්න බව අයවැයෙන් කියනවා.දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා.රටෙි විශාල පරිමාණයක් අසහනයට පීඩනයට, අසරණ භාවට පත්වෙලා තිබෙනවා.

රජයක් උපයන මුදල මීට වැඩිය ඵලදායීව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපකළ යුතු බවට අප විශ්වාස කරනවා.ඒ නිසා අපි නම් මේ අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ.