විපක්ෂ නායකවරයා යුරෝපීය තානාපතිවරුන් හමු වී සිදු කළ දේ..

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක තානපතිවරු හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග් ග්‍රීෆ්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා, ශ්‍රී ලංකාවේ රුමේනියා තානාපති වික්ටර් චියුජ්ඩියා ඇතුළු පිරිසක් මෙලෙස විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වි ඇත.

මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සහයෝගය ලබා ලබාදෙන ලෙස විපක්ෂනායකවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join