සජිත්ට අලුත් තනතුරක් හිමිවෙයි.(PHOTOS)
ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යමහෝත්සවය ඊයේ (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
මේ අතර ජලනි ප්‍රේමදාස මහත්මියගේ බැතිබර අනුග්‍රහයෙන් තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ, අලුතින්ම ඉදිකරන්නට යෙදුනු ධාතුමන්දිරය සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ උතුම් කටයුත්තද ඊට සමගාමීව සිදුවුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනී ප්‍රේමදාස මහත්මිය ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථාන වර්ධන සමිතියේ ප්‍රධාන නිත්‍ය ගිහි උපදේශක, සහ ප්‍රධාන දායක ලෙස පත්කරනු ලබන බව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණන්වහන්සේ විසින් එම විහාරස්ථානයේ පැවති කඨින මහා පුණ්‍ය කර්ම පූජෝත්සවයේ දී පවසා තිබෙනවා.
ඉන් අනතුරුව පූජ්‍යපාද මහාසංඝරත්නය විසින් සංකේතාත්මකව එම පත්කිරීම සිදුකර තිබෙනවා. විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් ලෙස සෑම පසළොස්වක පෝ දිනකම පැවැත්වෙන “සිරි සඳහම් සෙත” ධර්මදේශනා මාලාවේ 12 වැනි ධර්ම දේශනාව පැවැත්වුණේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී වනවා.
මේ සඳහා දේශකයානන් වහන්සේ ලෙස අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික වැලිවිට ධර්මරක්ෂිත සෝරතාභිධාන නාහිමිපාණන්වහන්සේ වැඩමවා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |












