විපක්ෂ නායකවරයාගෙන් අනතුරු ඇඟවීමක්..

Sajith premadasa Mahinda Rajapakshe Gotabaya Rajapakshe Samagijanabalawegaya
By Aruna Sep 13, 2021 07:26 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිම රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට අපේ රට පත්වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හිතුවක්කාරී, අදූරදර්ශී, වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන මේ බරපතළ ආදීනවයන්ට රටට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔහු ප්‍රකාශ ක‍රන්නේ.

ආණ්ඩුව රටේ ජන ජීවිත, සිය දේශපාලන සහ ආත්මාර්ථකාමී න්‍යාය පත්‍ර සමඟ සමපාත කරමින් සූදුවක යෙදෙමින් සිටින අතර මෙහි ඛේදවාචකය රටේ ඉදිරි පරම්පරාවට පවා අත්විඳින්නට සිදුවන බව ආණ්ඩුව සිහිතබා ගත යුතුය බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

මෙහිදී විපක්ෂ නායකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

• අවිධිමත් සංවෘත ආර්ථික රටාවකට යොමුවෙමින් මෑත යුගයේ ලොව කිසිදු රටක් නොගන්නා ලද තරමේ අඥාන තීන්දුවක් ආණ්ඩුව ගෙන තිබේ.

එහි බරපතල ප්‍රතිවිපාක ඉතාම නුදුරේ දී අත්විඳීමට සිදුවනු ඇත.

• ආණ්ඩුවේ ඇමතිවරු දිනපතා රටට විහිලු සපයමින් සිටින අතර රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන් තුළ පිළිතුරක් නැත.

• තුන්වේල තබා එක වේලක් හෝ පෝෂදායී ආහාර වේලක් ගැනීමට නොහැකි තරම් ජනතාව අන්ත අසරණව සිටින මොහොතක, ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු තුන්වේල දෙවේලකට හෝ එක වේලකට සීමාකරන්න යැයි ප්‍රකාශ නිකුත් කරන තරමට ආණ්ඩුවේ සෞභාග්‍යය දෝර ගලා තිබේ.

• මේ ව්‍යසනකාරී මොහොතේ පවා අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක බරපතළ හිඟයක් ඇති අතර, අනෙක් පසින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ යාම හමුවේ "සාගතයෙන් පිරුණු රටක්" සහ පෝලිම් යුගයක් නිර්මාණය වෙමින් තිබේ.

• ගැටළුවක් මතු වූ සෑම විටකම ආණ්ඩුව සිදු කරන්නේ ඔලුගෙඩි මාරු කිරීම සහ චරිත වෙනස් කිරීම මිස උද්ගතව ඇති ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීම නොවේ.

සෞභාග්‍යය වෙනුවට ජනතාව මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න ඉරණමෙන් ඔවුන්ව ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුව නොවලහා බාර ගත යුතු අතර එය එසේ නොවන්නේ නම් ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැකි බවද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now