බාල ගල් අඟුරු ගැන සජබෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ප්‍රමිතියෙන් බාල කියන ගල් අඟුරු මෙරටට ගෙන්වීම සම්බන්ධව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (පෙබ. 26) පැමිණිල්ලක් සිදු කර ඇත.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා හා කාවින්ද ජයවර්ධන මෙම පැමිණිල්ල සිදු කිරීමට කොමිසම වෙත ගොස් තිබේ.
තත්ත්වයෙන් බාල ගල් අඟුරු ශ්‍රී ලංකාවට එවීම හා නියමිත කාල සීමාවට ගල් අඟුරු එවීමට අපොහොසත් වීම යන ප්‍රධාන කොන්දේසි 2 එම සමාගම කඩ කර තිබෙන බව කොමිසම වෙත පැමිණිල්ල සිදු කිරීමට පසුව මුජිබර් රහුමාන් මාධ්‍ය වෙත පවසා ඇත.
මෙසේ ප්‍රධාන කොන්දේසි 2 කඩ කිරීම අදාළ ගිවිසුම අවලංගු කිරීමට ප්‍රමාණවත් නමුත් ආණ්ඩුව මෙහිදී වංචාවක් නොවූ බව කියමින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බවත් මන්ත්‍රිවරයා සඳහන් කර තිබේ ඔහු අවධාරාණය කළේ එහෙත් එය එසේ සාදාරණ කිරීමට නොහැකි බවයි.
තවද මෙම ගනුදෙනුව දූෂිත බව අද වන විට හෙළිදරව් වී තිබෙන බව මන්ත්‍රිවරයා සදහන් කර ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පහුගිය ආණ්ඩුව ගැන වූ පැමිණිලි ගැන විශාල ලෙස විමර්ශන කළ බැවින් එම ආකාරයට මෙම ආණ්ඩුවේ වංචාවලින් ජනතාවට අහිමි කළ රුපියල් මිලියන 7,000 බදු මුදල් නැවත පියවා ගැනීමට පියවර ගන්නා ලෙස දන්වා තිබේ.