පිට පැන්න ‘සගරිකා’ යළි පීලි ගත කරයි

Report

වාද්දූව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී පීලි පැනීමකට ලක් වූ ‘සගරිකා’ දුම්රිය මේ වනවිට සාර්ථකව යළි පීලිගත කර ඇති බව වාර්තා වී තිබේ.

අදාළ දුම්රිය මේ වනවිට වාද්දුව දුම්රිය ස්ථානය වෙත යොමු කර ඇති බව සදහන් වේ ඊයේ (24) උදෑසන සිදුවූ මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණි.

ඉන් පසුව ඊයේ රාත්‍රියේදීම එක් දුම්රිය මාර්ගයක් ගමනාගමනය සඳහා විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි. ඒ වගේම අද උදෑසන වන විට පීලි පැනීමෙන් සිදුවූ හානි බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉතිරි අලුත්වැඩියා කටයුතුද ඉතා ඉක්මනින් නිම කිරීමට නියමිත බව වාර්තා වේ.

7 න් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

7 න් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

තවද  මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිට බොහෝ සෙයින් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද සඳහන්ය.

හෝමාගම ගගන'ගේ ගෝලයෙකු රු. කෝටි 12ක මත්ද්‍රව්‍ය සමග කොටු

හෝමාගම ගගන'ගේ ගෝලයෙකු රු. කෝටි 12ක මත්ද්‍රව්‍ය සමග කොටු