සාගර කාරියවසම් ට ලැබුණු අලුත්ම තනතුර..
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයාබැලීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බවයි.
අද (06) දින පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ කථානායකවරයා මේ පිළිබඳව දැනුම් දුන්නා.
මෙයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා දැක්වූ ප්‍රතිචාරය..
"රට බංකොලොත් වුණේ කොහොමද හොයන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පත්කරන එක පිළිගන්න බෑ. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්..."
එහි දී අදහස් දැක්වු අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා,
"මම කනගාටුවෙනවා මේ වගේ පරිනත දේශපාලනඥයෙක් මේ වගේ ගොන් කතාවක් කිව්ව එක ගැන. මේ හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕනේ බංකොලොත්භාවයට. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි."
කෙසේ වෙතත් කථානායකවරයා පැවසුවේ තම ස්ථාවරයේ වෙනසක් සිදුනොකරන බවය.
"මගේ තීරණයේ වෙනසක් නෑ..."