අපිව මේ රටේ ජනතාවට ඉක්මනින්ම ඕන වෙනවා... -සාගර කියයි.

Sri Lanka Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam
By Sewvandhi Apr 09, 2023 08:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නුදුරු දිනකදීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවතත් ජනතාවට අවශ්‍ය වනු ඇති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. එම පක්ෂයේ කොළොන්නාව ආසන සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු සිදුකළ ප්‍රකාශය පහතින්

"නිදහසින් පස්සේ ලංකාවේ බිහිවුණ සියලුම නායකයින් කරපු තරාදියේ එක පැත්තකට දාලා, මහින්ද මහත්තයා කරපු වැඩ ටික අනිත් පැත්තට දැම්මහම. මහින්ද මහත්තයාගේ පැත්ත දිග වැඩියි. ඒක නිසා ගෙවල් ගිනිතියලා, ගහලා, බය කරලා වට්ටන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි ඔබ තමුන්නාන්සේලාගේ මේ පක්ෂය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිට මේ රට ගොඩනගන්න ඕන වුණේ ඔබගේ දරුවාට නැවතත් අනාගතයේ දී ගෙවන්න ණයක් අරගෙන නෙමෙයි.

කොතරම් ආර්ථික අපහසුකම් තිබුණත් අපේ ඒ කාලපරිච්චේදය තමයි මේ රටේ ණය ගත්ත නැති, හැබැයි ණය ගෙවපු කාලපරිච්චේදය. අපි දකිනවා අරගලයට නායකත්වය දීපු නායකයෝ අද කොහොම ද පාටි දදා දඟලනවා අපිට පේනවා. මෙවැනි අනාගතයක් වෙනුවෙන් ද මේ රටේ ජනතාව පෙළගැස්සුවේ.

මම හිතන්නේ, පක්ෂයක් හැටියට නැවතත් අපිව මේ රටේ ජනතාවට අවශ්‍ය වෙනවා ඉතාම නුදුරු කාලයේ දී. දේශීයත්වය මත ගොඩනැගිච්ච ජාතිකත්වය මත ගොඩනැගුණ ජාතික ආර්ථිකයට යන්න අවශ්‍යයි කියලා මේ රටේ මිනිස්සු පාරට බැහැලා කෑගහයි."  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now