ගැබිනි මවුවරුන් ගැන කණගාටුදායක පුවතක් - දැඩි අවදානමක්

lockdown Covid 19 Isolated Sri lanka covid 19
By Sithumi Aug 27, 2021 11:46 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගැබිනි මවුවරුන් 30 දෙනකු පමණ මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා මගින් සඳහන් වනවා. 

 මෙයින් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ පදිංචිකාරියන් බවයි සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ද මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ. කොවිඩ් ආසාදනයවීමෙන් ගැබිනි මවුවරුන් මියයෑම වැඩිවෙමින් තිබෙන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීම නිසා මරණ සංඛ්‍යාව මෙලෙස වේගවත් වන්නට ඇතැයි සැක කළ හැකි බවද සඳහන් කර තිබෙනවා.

මේ තත්වය හේතුවෙන් ගැබිනි මවුවරුන් දැඩි පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවත් අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු හේතුවකට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස එම මවුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join Now