මට පුංචි කාලේ ඉදන්ම ඩ්‍රම්ස්, තබ්ලා වාදනය කරන්න පුළුවන්, උපාධියේ විශේෂ විෂයක් විදිහටත් මම ඩ්‍රම්ස් ගහනවා-සචිනි රණවක (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Apr 02, 2023 05:07 PM GMT
Sithumi

Sithumi

Report

සංගීතේ ටෙලිනාට්‍යයේ අමායාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක්, වාදන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් තමයි සචිනි රණවක කියලා කියන්නේ.  

ඉතින් ඩ්‍රම්ස් වාදනයට සුවිශේෂී හැකියාවක් තියෙන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය සංගීත ක්ෂේත්‍රයට එන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන හරහා. 

ඊට පස්සෙ තමයි ඇය රංගනය පැත්තට යොමු වෙන්නේ. ඒ වගේම දිලූක ගුණතිලකගේ සසල කියන පොහොය දින කෙටි චිත්‍රපටයේ වලව් පැළැන්තියේ දියණියකගේ චරිතය තමයි ඇයගේ ප්‍රථම රංගන අත්දැකීම වුණේ. 

ඉතින් ඒ වෙද්දි ඇයට රංගනය ගැන කිසිම අත්දැකීමක් තිබුණේ නැති නිසා රඟපාන්න ටිකක් අපහසු වුණා කියලයි සචිනි නම් කියන්නේ. ඒ වගේම සංගීතේ ටෙලි නාට්‍යයේ අමායා කියන්නේ මහීගේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය. කොහොම නමුත් දකින අය හිතන්නේ ඒක රඟපෑමට විතරක් කරන දෙයක් කියලා. හැබැයි ඇයට පුංචි කාලෙ ඉඳන්ම තබ්ලා, ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. 

ඉතින් ඇයගේ ආසාවයි, ගෙදරත් තබ්ලාවක් තිබුණ නිසා අම්මා ඇයව සනත් නන්දසිරි සර්ගේ පන්තියට දැම්මා කියලත් ඇය කියනවා. ඊට පස්සේ ඇය අජිත් ඇලෝසියස් සර්ගෙනුත් ඉගෙන ගෙන තියෙනවා. ඒ වගේම ඇය විශාකා විද්‍යාලයට ආවට පස්සෙ තමයිලු ඩ්‍රම්ස් වාදනයට යොමු වුණේ. ඒ අතරේ වීඩියෝ බලලා ඇයම ඉගෙන ගත්තා කියලත් සචිනි කියනවා. ඒත් එක්කම ඇයගේ උපාධියේ විශේෂ විෂයක් විදිහට ඩ්‍රම්ස් වාදනය හදාරනවා කියලයි ඇය කියන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery