මැදපෙරදිග යුද ගැටුම් මැද්දෙත් සංචාරක ව්‍යාපාරය කළමනාකරනය කරන අයුරු නි.ඇමති රුවන් කියයි

Report

මෙරටට පසුගිය මාසයේදී පැමිණි සංචාරකයින් පිරිස දෙලක්ෂ හැත්තෑනවදහස ඉක්මවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සදහන් කරන්නේ යුදමය වතාවරණයක් පැවතිය ද එය ක්‍රමයෙන් විසඳීමත් සමග මෙරට සංචාරක කර්මාන්තය නියමිත පරිදි පවත්වාගෙන යාමට හැකිවන බවයි .

සංචාරක ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය ඉලක්ක කරමින් අදාළ පුහුණුව ලැබු පිරිසකට මහනුවර පැවති සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවයක දී ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

මැද පෙරදිග යුද ගැටුම් මැද ඩොලරයේ අගය ඉහළට

මැද පෙරදිග යුද ගැටුම් මැද ඩොලරයේ අගය ඉහළට

තවද පසුගිය වසරේ ජනවාරි මාසයේ දී මෙරටට විදෙස් සංචාරකයන් 252,761 දෙනෙකු පැමිණි අතර මෙම වසරේ දී ජනවාරි මාසයේ පැමිණි සංඛ්‍යාව 277,327 දෙනෙකු ලෙස වාර්තා වේ එහි ප්‍රගතිය 9.7%ක් ලෙස සදහන් කළ හැකිය.

තවද පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයන් පිරිස 240,217ක් වන අතර මෙම වසරේ එම සංඛ්‍යාව 279,328 දක්වා ඉහළ ගොස් තිබේ. එය 16.2%ක වර්ධනයකි.

  පොදුවේ සැලකිමේ දී මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට පෙබරවාරි 28 වනදා දක්වා කාලය තුළ විදෙස් සංචාරකයන් 556,655 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික සුරංජිත් වෑවිට මහතා සදහන් කරන්නේ සංචාරක වීසා මත මෙරටට පැමිණ සංචාරක මාර්ගෝපදේශන කටයුතුවල නිරත වන පුද්ගලයින් පිටුවහල් කිරීම හැර ඔවුන්ට දඩුවම් දිමේ හැකියාවක් නොමැති බවයි.   

[