යුක්රේන යුද්ධය අවසන් කිරීම ගැන රුසියන් ජනපතිගෙන් සතුටුදායක පණිවුඩයක්..

Russo-Ukrainian War Russian Federation
By Aruna Sep 21, 2022 12:38 AM GMT
Aruna

Aruna

Report

යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්තෙන් පසුවන බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් පවසනවා.

විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තුර්කි ජනාධිපතිවරයා පැවසුවේ, ඒ සඳහා වන සැලකිය යුතු පියවරක් රුසියානු ජනාධිපතිවරයා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

තමන් මෑත කාලීනව රුසියානු ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී අනාවරණ වුණේ යුක්රේන යුද්ධය හැකි ඉක්මනින් අවසන් කිරීමට ඔහුට අවශ්‍යව ඇති බවයැයි ද තුර්කි ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම ප්‍රාණඇපයෙහි රඳවා තබා ගෙන සිටින පුද්ගලයින් 200 දෙනෙකු හුවමාරු කර ගැනීමට දෙපාර්ශවය සූදානම් වන බව ද තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් තුර්කි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ රුසියාව විසින් අත්පත් කර ගත් සිය භූමි ප්‍රදේශ කිහිපයක් යුක්රේන හමුදා යළි අත්පත් කර ගෙන ඇති පසුබිමක් තුළයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now