රුසියන් ජනපති ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්...

Vladimir Putin Russian Federation
By Aruna Jun 01, 2022 05:23 AM GMT
Aruna

Aruna

Report

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත්, වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 3 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින්, බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් සේවය පවසනවා.

‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතට පුටින් සම්බන්ධයෙන් මෙම තොරතුරු හෙළි කර ඇත්තේ, බොරිස් කාර්පිචෝව් නමැති රුසියන් බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකි.

ජනාධිපති පුටින් සම්බන්ධයෙන් රහස් රැසක් තමන් දන්නා බව බොරිස් කාර්පිචෝව් ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතට පවසා තිබේ. බොරිස් කාර්පිචෝව් ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය.

බොරිස් කාර්පිචෝව් පවසා ඇති ආකාරයට පුටින්ගේ ඇස් පෙනීම ද මේ වනවිට බොහෝ දුර්වල තත්ත්වයක පවතී.

ඔහුගේ සිහි කල්පනාව ද දුර්වල වී ඇත.

ඔහු දරුණු හිසරදයකින් පෙළෙන බව ද බොරිස් කාර්පිචෝව් පැහැදිලි කර තිබෙනවා.

පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් මීට පෙර ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ ඇතුළු බටහිර මාධ්‍ය රැසක් ලොවට අනාවරණය කර තිබුණි.

පුටින් රෝගියකු බව පෙන්වමින් ඡායාරූ පවා පළ කෙරුණි. දරුණු පිළිකා රෝගියකු යැයි බටහිර මාධ්‍ය වාර්තා කළත්, පුටින්ට කිසිදු රෝගයක් නොමැති බවත්, ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අවධාරණය කර තිබේ.

ජනාධිපති පුටින් රුසියාවට නායකත්වයක් දෙන්නේ, දශක දෙකක් තිස්සේය. පසුගිය ඔක්තෝබර් මාසයට, පුටින්ගේ 70 වැනි ඡන්ම දිනය යෙදී තිබුණි.

එදා සිට සෑම දිනකම පුටින් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවත් ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් නැති බවත් විදේශ අමාත්‍ය ලැව්රෝව් පවසා තිබේ.

රුසියන් ජනාධිපති පුටින්ගේ පෞද්ගලික ජීවිතය ගැන හෝ ඔහුගේ සෞඛ්‍ය ගැන හෝ දන්නේ පුටින් සහ ඔහුගේ සමීපතමයන් එක්කෙනකු හෝ දෙන්නකු පමණි.

ජනාධිපති පුටින්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිවකු කතා කරන්නේ ද නැත.

විදේශ ඇමැති ලෙස කටයුතු කරන සර්ගේලැව්රෝව් පුටින් හිතවාදියකු වුවත්, සමීපතමයකු නොවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ. (රොයිටර්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now