අධිකරණයේදී සමාව ඉල්ලූ බලංගොඩ කස්සප හිමියන්ට ඇප
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමියන් අධිකරණයෙන් සමාව අයැදීමෙන් අනතුරුවයි.
ඒ අනුව, උන්වහන්සේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.