රුසියාවේ හමුදා සේවයට යවන බව පවසා පුද්ගලයින් 21ක් වංචාවට හසු වේ..

Sri Lanka Russia
By Gagana Apr 19, 2024 01:25 AM GMT
Gagana

Gagana

Report

රුසියානු හමුදාවේ සේවය සඳහා යවන බවට පවසමින් රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂ පනස්දහසක මුදලක් වංචා සහගත ව ලබා ගත් බවට වාර්තා වේ.

17වන දින ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික හමුදා මේජර්වරයකු ඇතුළු දෙදෙනකු ය.

ලබන මැයි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර තිබේ.

පුද්ගලයන් 21දෙනකුගෙන් රුපියල් ලක්ෂ හයහමාර බැගින් මෙම ජාවාරම්කරුවන් විසින් මුදල් වංචා කර ඇතැයි දැනට අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ පසුගිය දා ප්‍රකාශයට පත් කළේ ,යුක්‍රේනයට එරෙහි ව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන හමුදා මෙහෙයුම් සඳහා තවදුරටත් ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් සම්බන්ධ වී සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් වහාම තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා එරට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව ය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙම සාකච්ඡාව ඉල්ලා සිටින්නේ, මෑතක දී රුසියානු හමුදාවට සම්බන්ධ වී සිටි ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු මිය යෑම හේතුවෙන් තවදුරටත් එලෙස සිටින්නේ ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීම සඳහා ය.