ඉදිරි පැය 24 තීරණාත්මකයි...අමෙරිකාව රුසියාව ගැන දැඩි තීරණයක් ගනී..
රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉදිරි පැය 24ක කාලය තුළ රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කාලය තහනම් කිරීමේ නියෝගය නිකුත් කරනු ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
රුසියාවේ සිට අමෙරිකාව වෙත පැමිණෙන ඇතැම් ගුවන් ගමන් දැනටමත් තහනම් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර යුරෝපය සහ කැනඩාව දැනටමත් රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට පැමිණීම තහනම් කර තිබේ.
මේ අතර යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 20 දෙනෙකු යුක්‍රේන දේශසීමා පසුකරමින් පෝලන්ත සහ හංගේරියාවට පැමිණ තිබෙනවා.
යුක්‍රේන, තුර්කි සහ ජොර්ජියාහි ශ්‍රී ලංකා තනාපති එම් ආර් හසන් පැවසුවේ තවත් යුක්‍රේනයේ ජීවත්වූ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු පෝලන්ත, ස්ලෝවැකියා සහ රුමේනියා දේශසීමා වෙත ළගාවෙමින් සිටින බවයි.
කෙසේවෙතත් එලෙස පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුනොවන බවද තානාපතිවරයා සඳහන් කළා.
ඊට හේතුවී ඇත්තේ ඇතැම් ශ්‍රී ලාංකිකයින් යුක්‍රේන ජාතිකයින් සමඟ විවාහ වී එරට තුළ ස්ථිර පදිංචිකරුවන් ලෙස ජීවත්වූ අය වීම බවද යුක්‍රේන, තුර්කි සහ ජොර්ජියාහි ශ්‍රී ලංකා තනාපතිවරයා පැවසුවා.
මේ අතර මෙරට තුළ රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයින්ට තවදුරටත් සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සංචාරක අමාත්‍යංශය පවසනවා.
මෙරට රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයින්ගේ වීසා කාලය අය කිරීමකින් තොරව මාස 02 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අදාළ සංචාරකයින්ගේ කමැත්ත අනුව ඔවුන්ට සිය රටවල් ආසන්නයේ පිහිටි වෙනත් රටවල්වලට රැගෙන යාමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |