සචින් වගේ වෙයිද? කම්බ්ලි වගේ වෙයිද? - වෛභව් සූර්යවංශි ගැන කපිල් දේව්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

ඉන්දීය ක්‍රිකට් පිටියේ අවධානය දිනාගෙන සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශිගේ අනාගතය සම්බන්ධයෙන් හිටපු ඉන්දීය නායක කපිල් දේව් විශේෂ අදහසක් පළ කර තිබේ.

වයස අවුරුදු 15ක් වන සූර්යවංශි සතුව විශාල දක්ෂතාවක් පවතින බව පිළිගන්නා කපිල් දේව් පවසන්නේ, ඔහු තවමත් ඉන්දීය කණ්ඩායම තුළ සිය ස්ථානය තහවුරු කර ගැනීමට දිගු ගමනක් යා යුතු බවයි.

නවසීලන්තයට එරෙහිව පැවති විස්සයි20 තරග පහකින් සමන්විත තරගාවලියේදී සූර්යවංශිට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවූයේ තරග දෙකකදී පමණි. අභිෂේක් ෂර්මා සහ සංජු සැම්සන් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීම ඊට හේතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කපිල් දේව් පවසා ඇත්තේ සූර්යවංශිගේ ප්‍රහාරාත්මක පිතිකරණය නැරඹීම ප්‍රේක්ෂකයන්ට විශාල සතුටක් ගෙන දෙන නමුත්, ඉන්දීය කණ්ඩායමේ වැඩි අවස්ථා ලබාගැනීමට ඔහුට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.

2027 ලෝක කුසලානයට කලින් ඉන්දියාවනු පිතිකරණයට රතු එළියක් - ගම්භීර්ගේ අනතුරු ඇඟවීමට රවී ශාස්ත්‍රිත් එකඟ වෙයි

2027 ලෝක කුසලානයට කලින් ඉන්දියාවනු පිතිකරණයට රතු එළියක් - ගම්භීර්ගේ අනතුරු ඇඟවීමට රවී ශාස්ත්‍රිත් එකඟ වෙයි

මිඩ්-ඩේ පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කර ඇත්තේ, "ඔහුට තවමත් යාමට දිගු ගමනක් තිබෙනවා.ඔහු ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු වුවත් ප්‍රමාණවත් තරම් අවස්ථා ලැබෙන්නේ නැහැ. ඔහුගේ ක්‍රීඩා විලාසය ගැන හැමෝම කැමැත්තක් දක්වනවා.හතරේ සහ හයේ පහර එල්ල කරන මෙවැනි තරුණ ක්‍රීඩකයෙකු දැකීමට තරුණයන් වගේම වැඩිහිටියනුත් කැමතියි. ඔහුට තව කාලය අවශ්‍යයි.දක්ෂතාවලින් නම් කිසිදු අඩුවක් නැහැ" යනුවෙනි.

සචින් වගේ වෙයිද? කම්බ්ලි වගේ වෙයිද?

වෛභව් සූර්යවංශිගේ අනාගතය පිළිබඳව අදහස් දක්වමින් කපිල් දේව් කළ තවත් ප්‍රකාශයක් මේ වන විට විශේෂ අවධානයට ලක්ව තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ සූර්යවංශි මේ වන විට වයස අවුරුදු 15ක පසුවන බැවින් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතු බවයි.

වයස අවුරුදු 18ක් හෝ 19ක් වන විට සාද, ජනප්‍රියත්වය සහ වෙනත් බාහිර ආකර්ෂණයන් ඔහුගේ අවධානයට ලක්විය හැකි බැවින් ඒවායින් නොමඟ නොයාම වැදගත් බව ද කපිල් දේව් අවධාරණය කර ඇත.

නවසීලන්තය පරදා පස්වැනි එක්දින තරගය ඉන්දියාව ජයගනී - තරගාවලියේ ජයත් ඉන්දියාවට

නවසීලන්තය පරදා පස්වැනි එක්දින තරගය ඉන්දියාව ජයගනී - තරගාවලියේ ජයත් ඉන්දියාවට

"ඔහු මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන පමණයි. මේ වයසේදී මුදල් ගැනත් කතා වෙනවා. ඔහු සතුව විශාල දක්ෂතාවක් තිබෙනවා. නමුත් ඔහුට තව බොහෝ දුරක් යාමට තිබෙනවා. ඔහු සචින් තෙන්ඩුල්කාර් වගේ වෙයිද? නැත්නම් විනෝද් කම්බ්ලි වගේ වෙයිද? මේ අවස්ථාවේදී ඒ ගැන කියන්න ඉතාමත් අපහසුයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

සචින් තෙන්ඩුල්කාර් සහ විනෝද් කම්බ්ලි යන දෙදෙනාම ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයට එකම කාලයකදී පිවිසි දක්ෂ පිතිකරුවන් දෙදෙනෙකි.

කම්බ්ලි සතුව තෙන්ඩුල්කාර්ටත් වඩා වැඩි දක්ෂතාවක් ඇතැයි එදා බොහෝ දෙනාගේ මතයක් පැවතියද, ඔවුන් දෙදෙනාගේ ක්‍රිකට් දිවිය ගමන් කළේ එකිනෙකට වෙනස් මාවත් දෙකකය.

සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග යන දෙඅංශයෙන්ම වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා ලෙස සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කළේය.

එහෙත් විනෝද් කම්බ්ලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සාපේක්ෂව කෙටි කාලයකට සීමා වූ අතර, ඔහුගේ ජීවන රටාව දක්ෂතා පිරිහීමට බලපෑ එක් සාධකයක් ලෙස බොහෝ විට සඳහන් විය.

කපිල් දේව්ගේ මෙම ප්‍රකාශයත් සමඟ වෛභව් සූර්යවංශි සිය දක්ෂතා දිගුකාලීනව පවත්වාගෙන යමින් ඉන්දීය ක්‍රිකට් පිටියේ කෙබඳු ගමනක් යනු ඇත්ද යන්න පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබේ.

වසර 8කට පසු යළි කරළියට ආ ‘සෑන්ඩ්පේපර් ගේට්’ ගිනි පුපුර - අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට පන්දුවේ වෙනස නොපෙනී ගියේ කොහොමද කියා වසීම් අක්‍රම් ප්‍රශ්න කරයි

වසර 8කට පසු යළි කරළියට ආ ‘සෑන්ඩ්පේපර් ගේට්’ ගිනි පුපුර - අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට පන්දුවේ වෙනස නොපෙනී ගියේ කොහොමද කියා වසීම් අක්‍රම් ප්‍රශ්න කරයි