හෙල්ලෙන් ලෝකය දිනූ රුමේෂ් ක්‍රිකට් පිටියත් හොල්ලයි - පිටිය පුරා දැවැන්ත හයේ පහරවල් [VIDEO]

Report

ලෝක ශූර හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පිත්ත අතට ගෙන ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

සාමාන්‍යයෙන් හෙල්ල විසි කිරීමේ පිටියේ දස්කම් පෙන්වන රුමේෂ්, මෙවර පිත්තෙන් දස්කම් දක්වන ආකාරයයි එම වීඩියෝවේ දැකගත හැක්කේ.

සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ඔහු, පිතිකරණයේ යෙදෙමින් දැවැන්ත හයේ පහරවල් එල්ල කරන අයුරු එහි සටහන් වී තිබෙනවා.

හෙල්ල විසි කිරීමෙන් ජාත්‍යන්තරයේ නමක් දිනාගත් රුමේෂ්ගේ මෙම ක්‍රිකට් දස්කම් දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය තුළ මේ වන විට සංසරණය වෙන අතර ප්‍රේක්ෂකයන් අදහස් පළ කරමින් සිටිනවා.

ලෝකයක් ඉදිරියේ ලංකාවම උස්සලා තියපු රුමේෂ් තරංගගේ කැඩුණු හෙල්ලට ලංකාව දුන් ගෞරවය

ලෝකයක් ඉදිරියේ ලංකාවම උස්සලා තියපු රුමේෂ් තරංගගේ කැඩුණු හෙල්ලට ලංකාව දුන් ගෞරවය

“ළමයින්ට ඕනෑ කරන පහසුකම් සහ ග්‍රවුන්ඩ් හදලා දෙන්න” - ආසියානු රන් පදක්කමත් දිනූ රුමේෂ් දිවයිනට එද්දී ඉල්ලීමක් කරයි

“ළමයින්ට ඕනෑ කරන පහසුකම් සහ ග්‍රවුන්ඩ් හදලා දෙන්න” - ආසියානු රන් පදක්කමත් දිනූ රුමේෂ් දිවයිනට එද්දී ඉල්ලීමක් කරයි