ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්සක් වෙළෙඳපළට

Sri Lanka
By Thaya Mar 12, 2021 06:45 PM GMT
Thaya

Thaya

Report

අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර ඇති බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ​මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසුකදී පැවසුවේ මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

GalleryGallery