රුවන්වැලි සෑය අසළ උණුසුම් වෙයි - සුළු මොහොතකට පෙර බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට - උපවාස භූමිය කුඩු කරමින් පිරිසක් කඩා පනී

Report

රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයේ යෙදී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගෙන ඇත.

අද (12) දහවල් අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය වහා අහෝසි කරන ලෙස බලකරමින් ඓතිහාසික රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේලා වැඩසිටින ස්ථානයට වෙනත් පාර්ශ්වයක පිරිසක් පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

එහිදී මාරාන්තික උපවාසයක නිරත වන පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු එම ස්ථානයේ රැඳී සිටි පිරිස සමඟ ශාසනයෙන් නෙරපූ රාජාංගනයේ සද්ධාරතන ඇතුළු ගිහි පිරිසක් පැමිණ බහින්බස් වීමක් ඇති වුණි.

එම අවස්ථාවේ දී කස්සප හිමි ඇතුළු උපවාස භූමියේ රැඳී සිටි පිරිස එල්ල කළ පොලු ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියාගේ ඔළුව පැලී ලේ ගැලූ බව මාධ්‍ය වාර්තා කරයි.

අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ උණුසුම් තත්ත්වයක් සමඟ නොසන්සුන්තාවක් - කඩු ,පොලුවලින් ගුටි හුවමාරුවක්

අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ උණුසුම් තත්ත්වයක් සමඟ නොසන්සුන්තාවක් - කඩු ,පොලුවලින් ගුටි හුවමාරුවක්

යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට සහ ඊට අදාළ ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය පිරිසක් පසුගිය දින කිහිපය පුරා රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරත විය.

එම ස්ථානයට පැමිණි වෙනත් පිරිසක් සහ උපවාසයේ නිරත පාර්ශ්වය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය උණුසුම් වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ වහා මැදිහත් වී ඇත.