මේ ණය ගත්ත අයට රජයෙන් දෙන්න යන සහනය ජනපති රටටම කියයි [VIDEO]
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වසර සඳහා වන අයවැය කතාව අද(12) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
එහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවුණු ජනතාවට ලබා දෙන සහනයක් පිළිබඳව ජනපති සඳහන් කළා.
ඒ, "ක්ෂුද්‍ර මූල ණය ලබාගත් බොහෝ පිරිස් මේ වන විට විශාල ණය උගුලක හිරවී ඇත. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මේ වනවිටත් විටත් 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල සහ ණය නියාමන අධිකාරී පනත සම්මත කරලා තියෙනවා. ඒ අනුව ක්ෂුද්‍ර මූල සහ ණය නියාමන අධිකාරීය 2027 වසරෙදි පිහිටුවා ව්‍යාපාර ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැලසීමට කටයුතු කරනවා. මේ ක්ෂුද්‍ර මූල ණය නිසා අපේ ග්‍රාමීය ජනතාව විශාල අපහසුතාවයකට පත්වුණා. හැබැයි අපිට නීතියක් නෑ අපිට ආයතනයක් නෑ ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ මේ වසරේ නීතිය සම්මත කරා. ලබන වසරේ ආරම්භයත් එක්කම ඒකට අවශ්‍ය ආයතන ස්ථාපිත කරනවා.."යනුවෙන් සඳහන් කරමින්.