නාමල් රාජපක්ෂගේ ඇප අවලංගු කරන්නැයි ඉල්ලූ පෙත්සම හෙට යළි කැඳවයි - ක්‍රිෂ් ගනුදෙනුව ගැන අල්ලස් කොමිසමෙන් මහාධිකරණයට ගිය නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
ආන්දෝලනාත්මක ක්‍රිෂ් (Krrish) ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම හෙට (13) යළි කැඳවීමට නියමිතයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබෙනවා. අදාළ පෙත්සම අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම් තහවුරු කර ගැනීම සඳහා එය හෙට දිනයේ යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කරුණු හෙට අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.