බදු ගෙවන්නන්ගේ බිලියන 7 ක් මෙට්‍රෝ බස් වලට.. පෞද්ගලික බස් හිමියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 7ක මහජන මුදල් වැය කිරීම බරපතළ නාස්තියක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් වෙනත් නාමයකින් පැරණි ක්‍රමවේදයක්ම නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවයි. ඔහුගේ මතය අනුව, මෙම වැඩසටහන රටේ මගී ප්‍රවාහන පද්ධතිය තවදුරටත් දුර්වල කිරීමට හේතු වනු ඇත.
“ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනය බිඳවැටීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලංගමයි. දැන් මෙට්‍රෝ බස් හඳුන්වා දෙමින් රජය නැවතත් එම වැරැද්දම සිදු කරමින් සිටිනවා. මෙවැනි ව්‍යාපෘති නිසා භාණ්ඩාගාරයට දැඩි බරක් පැටවෙනවා. මෙය ජාතික අපරාධයක් ලෙසයි අපි දකින්නේ”
යැයි විජේරත්න මහතා පැවසීය.
ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, නව බස් රථ හඳුන්වා දීමෙන් පොදු ප්‍රවාහන සේවාවේ පවතින පද්ධතිමය ගැටලු විසඳීමට නොහැකි වන අතර, අවසානයේ බදු ගෙවන්නන්ගේ මුදල් අකාර්යක්ෂම ලෙස වැය වන බවයි.