අවස්ථා 10,151ක කදී ගිණුම් 89කින් මුදල් නීති විරෝධීව ප්‍රේශණය කරලා.. අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් ගැන රහස් රැසක් නලින්ද එළි කරයි

Report

ශ්‍රී ලංකාවෙන් පිටට නීතිවිරෝධීව අමෙරිකානු ඩොලර් බිලියන ගණනක මුදලක් උණ්ඩියල් ක්‍රමය යටතේ ප්‍රේෂණය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු කළමනාකරුවන් 4 දෙනා සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) දින කරුණු රැසක් අනාවරණය කර ඇත.

ඒ අද දින කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කළමනාකරුවන් සිව්දෙනා අවස්ථා 10,151ක කදී ගිණුම් 89ක් මඟින් මුදල් නීති විරෝධීව ප්‍රේශණය කර ඇති බව මේ වන විට හෙළි වී තිබෙන බවයි.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

එසේම මෙම වසරේ ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ වූ බව කියූ නලින්ද ජයතිස්ස මහතා ඒ අනුව ඉකුත් ජූනි 19 වැනි දින මීගමුව ප්‍රදේශයේදී එක් අයෙකු අත්අඩංගුවට ගත් බවත් පැවසුවා.

එහිදී සිදුකරන ලද වැඩිදුර විමර්ශනවල ප්‍රතිඵලයක් මත මෙම බැංකු කළමනාකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් සම්බන්ධව මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.

එහිදී මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

"2026 ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් FCID එකට කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව විමර්ශන කටයුතු ආරම්භ කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාම ගිණුම් 210ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්න අධිකරණ අවසරය ලැබිලා තියෙනවා. ඒ සිදුකර ලද විමර්ශනයේදී 2026-06-19 වන දින මීගමුවෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා ඔහුට දින 7ක රඳවා ගැනීම් නියෝග ලබා දීලා දැන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. ගිණුම් 89ක් මගින් මුදල් ප්‍රේශණය කරලා තියෙනවා අවස්ථා 10,151කදී. රටින් පිටකර තිබෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 74ක්. එම විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් ඇතුළු විධායක නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ දියත් කරමින් පවතින්නේ. මේ අයට මුදල් විශුද්ධීකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතිනවා ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් යටතේ මෙය සිදුකරලා තිබෙන්නේ."

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව