විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රමිකයන්ට සුබ ආරංචියක් - ඉහළ සහන සහිත ලක්ෂ ගාණක විශේෂ ණයක්
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සහ රටේ සංවර්ධන ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය පුළුල් කිරීමේ අරමුණින් විශේෂ යෝජනා කිහිපයක් අයවැයෙන් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ඊයේ (12) පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.
එබැවින්, විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීමට රුපියල් ලක්ෂ 50ක් දක්වා වූ ඉහළ සහන සහිත විශේෂ නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 30ක් දක්වා 10%ක පොළී සහනාධාරයක් සහ ඉතිරි රුපියල් ලක්ෂ 20 සඳහා 5%ක පොළී සහනාධාරයක් හිමිවෙන බව සඳහන්.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
එමෙන්ම මෙම පොළී සහනාධාර වෙනුවෙන් රජය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ඒකාබද්ධව දායක වේ.
පළමු රුපියල් ලක්ෂ 30 සඳහා රජයෙන් 6%ක දායකත්වයක් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් 4%ක දායකත්වයක් ලබා දෙන අතර ඉතිරි රුපියල් ලක්ෂ 20 සඳහා රජයෙන් 3%ක දායකත්වයක් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් 2%ක දායකත්වයක් දැරීමට නියමිතයි.
ඊට අමතරව ශ්‍රී ලංකීය සම්භවයක් සහිත විදේශගත ප්‍රජාවගේ දෙවන හා තුන්වන පරම්පරාවන් මව්බිම සමඟ සම්බන්ධ කිරීම සඳහා “ගෝලීය ශ්‍රී ලාංකික උරුම පුරවැසි” නමින් නව වැඩසටහනක් හඳුන්වා දී ඇත.