අනිද්දා පැය 13කට වැඩි ජල කප්පාදුවක් - මේ සියලු ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවට දැනුම්දීමක්
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට දන්වා ඇති බව වාර්තා වේ.
ඒ බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව සඳහන්. ඒ අනුව එදින පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
එමෙන්ම මෙම ජල කප්පාදුවට පැළියගොඩ, වත්තල - මාබෝල, ජාඇල සහ කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශ ඇතුළත්.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද ජල සැපයුම අත්හිටුවනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජලසම්පාදන මණ්ඩලය, කල්තියා ජලය රැස්කරගෙන අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.