මේ බැංකුවෙන් රු. මිලියන 5ක ණයක් ගන්න සුපිරි අවස්ථාවක් - පොලී සහනාධාර සඳහා රු මිලියන 200ක් වෙන් කරයි
ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායන් ශක්තිමත් කිරීම සහ අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ අරමුණින්, ව්‍යවසායකයින් වෙනුවෙන් සමෘද්ධි බැංකුව හරහා 4%ක වාර්ෂික සහන පොලී අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 5ක උපරිමයක් දක්වා ණය ලබාදීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව මේ බව අද (12) දින පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
එසේම මෙම ණය පහසුකම ලබාගැනීමට අදාළ ව්‍යවසායකයින් අවම ලෙස අස්වැසුම ප්‍රතිලාභීන් පස් දෙනෙකුටවත් රැකියා අවස්ථා උදාකර දීම අනිවාර්ය කර ඇත.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 5,000ක ණය මුදලක් ලබා දීමට අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් පොලී සහනාධාර සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.