ලංකාවටම නරක ආරංචියක්.. වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් - හෙට අනිද්දා සහ 15 දිවයිනටම රතු එළි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා විසින් ශ්‍රී ලංකාවට බලපා ඇති දෙවන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය මේ වන විට වඩාත් සක්‍රීය වී ඇති බැවින් දිවයිනේ ප්‍රදේශ රැසකට සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දෙන බව සඳහන්.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තවත් කාලගුණික පද්ධතියක් වර්ධනය වෙමින් පවතින බවයි.

එබැවින් මෙම වායුගෝලීය කැළඹිලි තත්ත්වය නොවැම්බර් 13 වැනි දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද ඔහු පැහැදිලි කරන බව වාර්තා වේ.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

එසේම දැනට පවතින කාලගුණ දත්ත අනුව, මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී මෙරට නැගෙනහිර වෙරළට සමාන්තරව උතුරු දෙසට ගමන් කරමින් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන්.

මෙම පද්ධතිය සෘජුවම ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාව දැනට පවතින දත්ත අනුව සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව ද මෙන්ඩිස් මහතා කියා ඇති බව සඳහන්.

කෙසේ වුවද මෙම පද්ධතියේ බලපෑම නිසා නොවැම්බර් 13, 14 සහ 15 යන දිනවලදී මෙන්ම ඉන් පසුව ද දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත්, විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වලට නොවැම්බර් 14 සහ 15 යන දිනවලදී වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බවත් ඔහු සඳහන් කළ බව වාර්තා වේ.

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

එමෙන්ම පවතින කාලගුණික තත්ත්වය සහ ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි වර්ෂාපතන වර්ධනය සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිල කාලගුණ නිවේදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ඇතිවිය හැකි ආපදා අවදානම් අවම කරගැනීමට කටයුතු කරන මෙන් සහ යම් ආපදා අවදානම් තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යසථාන හදිසි මෙහෙයුම් අංක 117 අමතන ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.

මෙහිදී විශේෂයෙන්ම තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශවල ජනතාව කාලගුණික වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් පසුවීමත්, අදාළ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් හා අනතුරු ඇඟවීම් අනුව අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ ණය ගත්ත අයට රජයෙන් දෙන්න යන සහනය ජනපති රටටම කියයි

මේ ණය ගත්ත අයට රජයෙන් දෙන්න යන සහනය ජනපති රටටම කියයි

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි - පළාත් 5කට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි - පළාත් 5කට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්